" නුවණැස ළමා පුස්තකාලය " දූ දරු අයිතියට පත් කිරීම

හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ 614 සී කුඩා උඩුව වසමේ දරුවන් සදහා ස්ථාපිත " නුවණැස ළමා පුස්තකාලය " දූ දරු අයිතියට පත් කිරීම හොරණ ප්‍රාදේශීය ලේකම්තුමිය හා බස්නාහිර පළාත් සමාජ සේවා අධ්‍යක්ෂතුමිය ඇතුළු ආරාධිත අමුත්තන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් 2022.12.23 වන දින සිදු කරන ලදී.

පළාත් සමාජ සේවා නිලධාරී තරංගා චන්ද්‍රසේකර මහත්මියගේ සංකල්පයක් මත ඇයගේ සම්බන්ධීකරණයෙන් සිදු කළ මෙම කාර්ය සදහා පරිත්‍යාගශීලින් විශාල පිරිසක් සහයෝගය දක්වා ඇත.

1 2 3

7 6 8 11 13 17

5 9 10

හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කරුණාභාරය පදනම හා 306 - A1 දිස්ත්‍රික් සිංහ සමාජය එක්ව 2022.10.06 දින දඹර ග්‍රාම නිලධාරී වසමේ තෝරා ගත් පවුල් 100 ක් සදහා ගෙවතු වගා පුහුණුව හා උපකරණ ලබාදීමෙන් මෙම  ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. 
හොරණ ප්‍රාදේශීය ලේකම් කේ. ඩී. එස්. සජීවනා මහත්මියගේ මෙහෙයවීමෙන් , සෘජු අධීක්ෂණයෙන් හා සහභාගිත්වයෙන්  සහකාර    අධයක්ෂ සුජීවා මහත්මියගේ සහභාගිත්වයෙන්  ළමා හා කාන්තා ඒකකයේ නිලධාරීන්ගේ  සම්බන්ධීකරණයෙන් කරුණාභාරය පදනම හා 306-A1 දිස්ත්‍රික් සිංහ සමාජයේ අනුග්‍රාහකත්වයෙන්  දඹර ග්‍රාම නිලධාරී,සංවර්ධන නිලධාරී  ඇතුළු වසමේ නිලධාරීන්ගේ සංවිධානයෙන් කෘෂිකර්ම උපදේශක කසුන් ජයවර්ධන මහතාගේ තාක්ෂණික දායකත්වයෙන් මෙම වැඩසටහන සාර්ථකව පවත්ව ලදී.
 
 
WhatsApp Image 2022 10 08 at 22.19.08    WhatsApp Image 2022 10 08 at 22.19.08 1 WhatsApp Image 2022 10 08 at 22.19.09 WhatsApp Image 2022 10 08 at 22.19.10
 
WhatsApp Image 2022 10 08 at 22.19.11  WhatsApp Image 2022 10 08 at 22.19.12 1 WhatsApp Image 2022 10 08 at 22.19.13 1WhatsApp Image 2022 10 08 at 22.19.14 1 
 
 
WhatsApp Image 2022 10 08 at 22.19.16  WhatsApp Image 2022 10 08 at 22.19.10 1
 

දරුවන්  200ට අඩුවෙන්  සිටින පාසල් වල රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන පාසල් දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන

හොරණ ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයේ ඇතැම් පාසල්වල , ආහාර සැපයුම්කරුවන් වෙනුවෙන් ලබාදෙන මුදල ප්‍රමාණවත් නොවීම හේතුවෙන් නැවතී ඇත. ඒ අනුව හොරණ ප්‍රාදේශීය ලේකම් කේ. ඩී. එස්. සජීවනා මහත්මියගේ මෙහෙයවීමෙන් හා සෘජු අධීක්ෂණයෙන් ළමා හා කාන්තා ඒකකයේ සම්බන්ධීකරණයෙන් ,එසේ හඳුනාගත් පාසල් තුනක් සදහා අනුග්‍රාහකයින්ගේ දායකත්වයෙන් මෙම වැඩසටහන නැවතත් ආරම්භ කරන ලදී.

-  කරුණා භාරය පදනමේ සභාපති මහින්ද කරුණාරත්න මහතාගේ අනුග්‍රාහකත්වයෙන් 2022.06.28 දින සිට බටුවිට බප/හො ටී. එම්. පෙරේරා විද්‍යාලයේ දරුවන් 95 දෙනෙක් සඳහා හා  2022.06.29 දින සිට බප/හො උඩුව කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන් 108 දෙනෙක් සඳහා  පෝෂණීය කොළ කැඳ වීදුරුවක් ලබාදීම ද

- 628 පහල මිල්ලෑව දකුණ සංවර්ධන නිලධාරි වයි.ඩී. ඩයනා කුමාරි මෙයගේ විදේශ ගත මිතුරියකගේ අනුග්‍රාහකත්වයෙන් 2022.07.25 දින සිට කොටිගංගොඩ බප/ හො සුභාරතී විද්‍යාලයේ දරුවන් 63 දෙනෙකු සඳහා දිවා ආහාරය ලබා දීම ද සිදුකරනු ලබයි

 

WhatsApp Image 2022 07 26 at 14.55.12 1 WhatsApp Image 2022 07 26 at 14.55.13 1  WhatsApp Image 2022 07 26 at 14.55.13 WhatsApp Image 2022 07 26 at 14.55.16 WhatsApp Image 2022 07 26 at 14.55.19 1

WhatsApp Image 2022 07 26 at 14.55.15 2 WhatsApp Image 2022 07 26 at 14.55.19 1 WhatsApp Image 2022 07 26 at 14.55.18 1

හොරණ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සමෘද්ධි සහනාධාර නාම ලේඛනය ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් පහත සබැඳිය(Link) හරහා පෙන්වා දී ඇත.

මෙම ලේඛනය සම්බන්ධයෙන් ඔබ හට යෝජනා ගෙන ඒමට අවශ්‍ය නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දැනුම් දෙන මෙන් දන්වා සිටිමි.

 

 

Samurdhi Name List

 

නොවිසඳුණු ගැටළු විසදීම සදහා මහජන සේවය ගමට ගෙනයාමේ වැඩසටහන

නොවිසඳුණු ගැටළු විසදීම සදහා මහජන සේවය ගමට ගෙනයාමේ වැඩසටහනක් 2022 / 04 / 02 දින වැල්මිල්ල , හාලපිටිය , ගොඩිගමුව බටහිර , ගොඩිගමුව නැගෙනහිර වසම් කේන්ද්‍ර කර ගනිමින් වීදියගොඩ රජමහ විහාරස්ථානයේ දී පවත්වන ලදි.

මෙම වැඩසටහන

 අමාත්‍ය  විදුර වික්‍රමනායක මහතාගේ මුලිකත්වයෙන් ප්‍රාදේශීය ලේකම්තුමිය , සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය පරිපාලන ග්‍රාම නිලධාරිතුමාගේ සහභාගීත්වයෙන් සිදුවිය.

මෙහිදී ඉඩම් ගැටළු විසඳීම , ජාතික හැදුනුම්පතත් සකස් කිරීම , සමාජ සේවා කටයුතු , රෙජිස්ට්‍රාර් අංශයේ කටයුතු සිදුවිය.

මෙම වැඩසටහන ග්‍රාම නිලධාරි වසම් 4 ග්‍රාම නිලධාරින් විසින් සංවිධානය කර තිබුණි.

 

WhatsApp Image 2022 04 07 at 12.34.35 PM           WhatsApp Image 2022 04 07 at 12.34.36 PM

WhatsApp Image 2022 04 07 at 12.34.36 PM 1          WhatsApp Image 2022 04 07 at 12.34.36 PM 2

WhatsApp Image 2022 04 07 at 12.34.37 PM 1    WhatsApp Image 2022 04 07 at 12.34.38 PM

News & Events

Scroll To Top