සාහිත්‍ය කලා මහෝත්සවය - 2023
හොරණ ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය
සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, බස්නාහිර පළාත් කටයුතු හා කලා කටයුතු අමාත්‍යංශය හා හොරණ ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද සාහිත්‍ය කලා මහෝත්සවය 2023 නොවැම්බර් මස 24 වන දින හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ශ්‍රවනාගාරයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදි.
මේ සඳහා ගෞරවනීය මහා සංඝරත්නය, ගරු බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා, ආචාර්ය රෝහණ බැද්දගේ මහතා, ප්‍රවීන රංගධර ජනක් ප්‍රේමලාල් මහතා සහ සංස්කෘතික බලමණ්ඩලය නියෝජන කරන කලා ශිල්පීන් රාශියක් සහ ප්‍රාදේශීය සාහිත්‍ය තරග ජයගත් දරුවන් සහභාගි වූහ.
මෙවර සාහිත්‍ය කලා මංල්‍යයේයේ යෙදුනු අංගයන් අතර අචාර්ය රෝහණ බැද්දගේ ශූරීන් ගාන්ධර්ව ප්‍රසාදිනී සම්මානයෙන් පිදීමත් ප්‍රාදේශීය සාහිත්‍ය තරඟ ජයගත් දරුවන් ඇගයීමත් සිදුවූ අතර දේශීය සංස්කෘතික අංග රාශියකින් ද මෙම අවස්ථාව වර්ණවත් විය.
හොරණ ප්‍රාදේශීය ලේකම් කේ.ඩී.එස්.සජිවනා මහත්මියගේ සෘජු අධික්ෂණය හා මග පෙන්වීම මත සංවිධානය කරන ලද මෙම වැඩසටහනට කාර්යාලයීය සංස්කෘතික නිලධාරින් හා කාර්යාල නිලධාරින් ගේ සහායද නොමදව ලබාදෙන ලදි.
 
WhatsApp Image 2023 11 25 at 8.45.06 PM WhatsApp Image 2023 11 25 at 9.37.45 PM WhatsApp Image 2023 11 25 at 8.29.45 PM 1 WhatsApp Image 2023 11 25 at 9.44.09 PM 1 WhatsApp Image 2023 11 25 at 9.44.07 PM WhatsApp Image 2023 11 25 at 9.44.06 PM 1 WhatsApp Image 2023 11 25 at 9.37.23 PM WhatsApp Image 2023 11 25 at 9.38.18 PM
 
WhatsApp Image 2023 11 25 at 8.29.45 PM WhatsApp Image 2023 11 25 at 9.44.07 PM

 

"විස්කම් ප්‍රභා 2022"

බස්නාහිර පළාත් ග්‍රාමීය කාන්තා පුහුණු මධ්‍යස්ථානයන්හි නිර්මාණ ප්‍රදර්ශනය හා පළාත් ඇගයීම

බස්නාහිර පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව සංවිධානය කරනු ලබන "විස්කම් ප්‍රභා 2022" බස්නාහිර පළාත් ග්‍රාමීය කාන්තා පුහුණු මධ්‍යස්ථානයන්හි නිර්මාණ ප්‍රදර්ශනය හා පළාත් ඇගයීම බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජයන්ති විජේතුංග මැතිණිය ඇතුළු රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් සහ බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවර මාර්ෂල් ඔෆ් ද ශ්‍රී ලංකා එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක (විශ්‍රාමික) මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා බස්නාහිර පළාත් මාර්ග ප්‍රවාහන හා ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.චම්පා.එන් පෙරේරා මැතිණිය හා ග්‍රාම සංවර්ධන අධ්‍යක්ෂ දිනේෂා කුමාරි රාජපක්ෂ මැතිණියගේ මෙහෙයවීමෙන්  2022.12.08    වන දින බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතන ශ්‍රවණාගාරයේ දී පැවැත් විය.බස්නාහිර පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව සංවිධානය කරනු ලබන "විස්කම් ප්‍රභා 2022" බස්නාහිර පළාත් ග්‍රාමීය කාන්තා පුහුණු මධ්‍යස්ථානයන්හි නිර්මාණ ප්‍රදර්ශනය හා පළාත් ඇගයීම බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජයන්ති විජේතුංග මැතිණිය ඇතුළු රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් සහ බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවර මාර්ෂල් ඔෆ් ද ශ්‍රී ලංකා එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක (විශ්‍රාමික) මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා බස්නාහිර පළාත් මාර්ග ප්‍රවාහන හා ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.චම්පා.එන් පෙරේරා මැතිණිය හා ග්‍රාම සංවර්ධන අධ්‍යක්ෂ දිනේෂා කුමාරි රාජපක්ෂ මැතිණියගේ මෙහෙයවීමෙන්  2022.12.08    වන දින බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතන ශ්‍රවණාගාරයේ දී පැවැත් විය.

එහිදී  හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ග්‍රාමීය කාන්තා පුහුණු මධ්‍යස්ථානයේ සිසුවියන්ගේ නිර්මාණ සඳහා පළාත් හා දිස්ත්‍රික් මට්ටමින් ජයග්‍රහණ 10 ක් ලබාගත් අතර  සහතික පත්‍ර හා මුදල් ත්‍යාග සිසුවියන් හට පිරිනමන ලදී.ඔවුන් ලබාගත් ජයග්‍රහණ පහත පරිදි වේ

.1.සූපශාස්ත්‍ර අංශයෙන් බස්නාහිර පළාත් ප්‍රථම ස්ථානය.

2.අත්කම් අංශයෙන් බස්නාහිර පළාත් තෙවන ස්ථානය.

3.ගෙතුම් අංශයෙන් බස්නාහිර පළාත් තෙවන ස්ථානය.

4.සූපශාස්ත්‍ර අංශයෙන්  කලුතර දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය.

5.සූපශාස්ත්‍ර අංශයෙන් කලුතර දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානය.

6.සූපශාස්ත්‍ර අංශයෙන් කලුතර දිස්ත්‍රික්කයේ විශිෂ්ඨ කුසලතා සහතිකය.

7.අත්කම් අංශයෙන් කලුතර දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය.

8.අත්කම් අංශයෙන් කලුතර දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානය.

9.ගෙතුම් අංශයෙන් කලුතර දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය. 

10.පැච්වර්ක් අංශයෙන් කලුතර දිස්ත්‍රික්කයේ  විශිෂ්ඨ කුසලතා සහතිකය.

■ පළාත් මට්ටමින් ජයග්‍රහණ ලබා ගැනීම සඳහා සිසුවියන් මෙහෙයවීම වෙනුවෙන් මැහුම් උපදේශිකා හට පිරිනමන ලද උපහාර සම්මානය.

■කලුතර දිස්ත්‍රික් ජේෂ්ඨ මැහුම් උපදේශිකා කල මෙහෙවර ඇගයීම සඳහා උපහාර සම්මානය.

       WhatsApp Image 2022 12 26 at 16.52.00        WhatsApp Image 2022 12 26 at 16.52.01        WhatsApp Image 2022 12 26 at 16.52.01 1

 

WhatsApp Image 2022 12 26 at 16.52.02     WhatsApp Image 2022 12 26 at 16.52.02 1     WhatsApp Image 2022 12 26 at 16.52.03

News & Events

17
ජූනි2026
new

new

13
නොවැ2025
News & Events

News & Events

Scroll To Top