"විස්කම් ප්‍රභා 2022"
බස්නාහිර පළාත් ග්‍රාමීය කාන්තා පුහුණු මධ්‍යස්ථානයන්හි නිර්මාණ ප්‍රදර්ශනය හා පළාත් ඇගයීම
බස්නාහිර පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව සංවිධානය කරනු ලබන "විස්කම් ප්‍රභා 2022" බස්නාහිර පළාත් ග්‍රාමීය කාන්තා පුහුණු මධ්‍යස්ථානයන්හි නිර්මාණ ප්‍රදර්ශනය හා පළාත් ඇගයීම බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජයන්ති විජේතුංග මැතිණිය ඇතුළු රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් සහ බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවර මාර්ෂල් ඔෆ් ද ශ්‍රී ලංකා එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක (විශ්‍රාමික) මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා බස්නාහිර පළාත් මාර්ග ප්‍රවාහන හා ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.චම්පා.එන් පෙරේරා මැතිණිය හා ග්‍රාම සංවර්ධන අධ්යක්ෂ දිනේෂා කුමාරි රාජපක්ෂ මැතිණියගේ මෙහෙයවීමෙන් 2022.12.08 වන දින බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතන ශ්‍රවණාගාරයේ දී පැවැත් විය.බස්නාහිර පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව සංවිධානය කරනු ලබන "විස්කම් ප්‍රභා 2022" බස්නාහිර පළාත් ග්‍රාමීය කාන්තා පුහුණු මධ්‍යස්ථානයන්හි නිර්මාණ ප්‍රදර්ශනය හා පළාත් ඇගයීම බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජයන්ති විජේතුංග මැතිණිය ඇතුළු රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් සහ බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවර මාර්ෂල් ඔෆ් ද ශ්‍රී ලංකා එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක (විශ්‍රාමික) මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා බස්නාහිර පළාත් මාර්ග ප්‍රවාහන හා ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.චම්පා.එන් පෙරේරා මැතිණිය හා ග්‍රාම සංවර්ධන අධ්යක්ෂ දිනේෂා කුමාරි රාජපක්ෂ මැතිණියගේ මෙහෙයවීමෙන් 2022.12.08 වන දින බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතන ශ්‍රවණාගාරයේ දී පැවැත් විය.
එහිදී හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ග්‍රාමීය කාන්තා පුහුණු මධ්‍යස්ථානයේ සිසුවියන්ගේ නිර්මාණ සඳහා පළාත් හා දිස්ත්‍රික් මට්ටමින් ජයග්‍රහණ 10 ක් ලබාගත් අතර සහතික පත්‍ර හා මුදල් ත්‍යාග සිසුවියන් හට පිරිනමන ලදී.ඔවුන් ලබාගත් ජයග්‍රහණ පහත පරිදි වේ
.1.සූපශාස්ත්‍ර අංශයෙන් බස්නාහිර පළාත් ප්‍රථම ස්ථානය.
2.අත්කම් අංශයෙන් බස්නාහිර පළාත් තෙවන ස්ථානය.
3.ගෙතුම් අංශයෙන් බස්නාහිර පළාත් තෙවන ස්ථානය.
4.සූපශාස්ත්‍ර අංශයෙන් කලුතර දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය.
5.සූපශාස්ත්‍ර අංශයෙන් කලුතර දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානය.
6.සූපශාස්ත්‍ර අංශයෙන් කලුතර දිස්ත්‍රික්කයේ විශිෂ්ඨ කුසලතා සහතිකය.
7.අත්කම් අංශයෙන් කලුතර දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය.
8.අත්කම් අංශයෙන් කලුතර දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානය.
9.ගෙතුම් අංශයෙන් කලුතර දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය.
10.පැච්වර්ක් අංශයෙන් කලුතර දිස්ත්‍රික්කයේ විශිෂ්ඨ කුසලතා සහතිකය.
■ පළාත් මට්ටමින් ජයග්‍රහණ ලබා ගැනීම සඳහා සිසුවියන් මෙහෙයවීම වෙනුවෙන් මැහුම් උපදේශිකා හට පිරිනමන ලද උපහාර සම්මානය.
■කලුතර දිස්ත්‍රික් ජේෂ්ඨ මැහුම් උපදේශිකා කල මෙහෙවර ඇගයීම සඳහා උපහාර සම්මානය.

















